අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මසකට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා පාසල්වලින් අයැදුම්පත් කැඳවා තිබූ අතර, එහිදී සිසුන් 5,530 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
සුදුසුකම් ලැබූ සියලුම සිසුන් වෙත අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

