Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​වරාය නගරයේ ව්‍යාපාර කිහිපයක් ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ප්‍රථමික ව්‍යාපාර ලෙස නම් කෙරේ: අදාළ ගැසට් පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගරයේ ඉදිරි වසර 5 තුළ ඇ.ඩො බිලියන 4.1ක නව ආයෝජන අපේක්ෂාවක්

කොළඹ වරාය නගරයේ ඉදිරි වසර 5 තුළ ඇ.ඩො බිලියන 4.1ක නව ආයෝජන අපේක්ෂාවක්

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද පහත සඳහන් අති විශෙෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ මරීනා හොටෙල් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීම සඳහා 2026-05-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දි තිබේ.

Exit mobile version