Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් හෙට සිට දින 11ක් මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල සුරාසැල් වැසෙයි

මහනුවර දින 11ක් සුරාසැල් වැහෙයි

මහනුවර දින 11ක් සුරාසැල් වැහෙයි

හෙට (18) දිනයේ සිට පුරා දින 11ක් මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක මතපැන් අළෙවිසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ අනුව මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල් වසා දමයි.

තවද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම් හල දක්වා ඇති සියලුම මත්පැන් අළෙවි සැල් වසා දමයි.

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන හෙට (18) දිනයේ සිට පෙරහැර නිමාවට පත්වන ලබන 28වැනිදා දක්වා සුරාසැල් වසා දමයි.

Exit mobile version