Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​සතුරු විදෙස් මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අපරාධයක් ලෙස සැලකෙන නව පනතක් ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතියට

සතුරු මාධ්‍ය සමඟ ගනුදෙනු අපරාධයක් ලෙස සලකමින් ඉරානයෙන් නව පනත් කෙටුම්පතක්

සතුරු මාධ්‍ය සමඟ ගනුදෙනු අපරාධයක් ලෙස සලකමින් ඉරානයෙන් නව පනත් කෙටුම්පතක්

අමෙරිකානු හෝ ඊශ්‍රායල මාධ්‍ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන “සතුරු” මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ වෙනත් සන්නිවේදනයන් අපරාධයක් ලෙස සලකන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂක සභාව විසින් තවදුරටත් සමාලෝචනය කළ යුතුව ඇති බව සඳහන් වේ.

සතුරු මාධ්‍ය සමඟ සබඳතා තහනම් කිරීම – අමෙරිකාව, ඊශ්‍රායලය හෝ එවැනි රටවල ආධාර ලබන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හෝ සාකච්ඡාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එය උල්ලංඝනය කරන්නන්ට මාස 6 සිට වසර 2 දක්වා සිරදඬුවම් නියම විය හැක.

වෙනත් විදේශීය මාධ්‍ය – වෙනත් විදේශීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා බුද්ධි අංශ අමාත්‍යාංශයට‍ෙදැනුම් දීම අනිවාර්ය වේ.

විදේශීය ආයතන සමඟ සබඳතා – විදේශීය තානාපති කාර්යාල, සංවිධාන හෝ වෙනත් විදේශීය නොවන ආයතන සමඟ විදේශ අමාත්‍යාංශයේ පූර්ව දැනුම්දීමකින් සහ ලිඛිත අවසරයකින් තොරව සම්බන්ධ වීම දඩ මුදලකට සහ ඇතැම් සමාජ අයිතිවාසිකම් අහිමි කිරීමට යටත් වන වරදකි.

ආර්ථික සහ ආරක්ෂක අපරාධ – විදේශිකයන්ගේ මෙහෙයවීමෙන් හෝ අධීක්ෂණයෙන් සිදු කරනු ලබන ආර්ථික අපරාධ සඳහා දඬුවම් දැඩි කිරීමටත්, බුද්ධි අංශ අනුමැතියකින් තොරව විදේශිකයන්ට තොරතුරු සැපයීම තහනම් කිරීමටත් මෙමඟින් යෝජනා කර ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජන – විදේශීය බුද්ධි අංශවල මෙහෙයවීමෙන් ඉරානයේ ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට හානි වන අයුරින් ප්‍රතිපත්ති හෝ ව්‍යවස්ථාදායක යෝජනා ඉදිරිපත් කරන්නේ නම්, වසර 30ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි අතර, එවැනි නඩු විප්ලවීය අධිකරණ හමුවේ විභාග කෙරේ.

විදේශීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉරානය අපරාධයක් ලෙස සැලකූ පළමු අවස්ථාව මෙය නොවේ. ඊශ්‍රායලය සමඟ පැවති දින 12 ක යුද්ධයෙන් පසු 2025 දී සම්මත කරන ලද නීතියක් මඟින් සතුරු රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට එල්ල වන චෝදනා සඳහා දැඩි දඬුවම් පැනවිණි.

මෑතකදී, ඉරාන ඡායාරූප ශිල්පිනී යල්ඩා මෝයරි වෙත ද සතුරු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබා දීම සහ ඇමරිකානු හා ඊශ්‍රායල අනුබද්ධ සංවිධාන වෙත ඡායාරූප සැපයීම ඇතුළු චෝදනා යටතේ එම නීතිය යටතේ වසර 15 ක සිරදඬුවමක් නියම කරන ලදී.

Exit mobile version