Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රේලියාවේදී බංග්ලාදේශයෙන් ඓතිහාසික ටෙස්ට් ජයක්: පළමු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක්

බංග්ලාදේශ කණ්ඩායමට ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක්

බංග්ලාදේශ කණ්ඩායමට ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (16) සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල පළමු ඉනිමට ලකුණු 198ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක පළමු ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 426ක් ලබාගත්තේය. අනතුරුව ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 284කට සීමා වූ අතර, ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 57ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශය සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියානු පස්ගොඩැල්ලේදී ටෙස්ට් තරගයක් ජයගත් තෙවන ආසියානු රට ලෙස බංග්ලාදේශය ඉතිහාසගත වේ. එමෙන්ම පසුගිය වසර 30ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් දෙවන ආසියානු රටද වන්නේ බංග්ලාදේශයයි. මෙලෙස මීට පෙර පාකිස්තානය 1995 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් වාර්තා කර තිබුණි.

තමන් ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ තෙවන ටෙස්ට් තරගයේදීම මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශයට හැකිවීම සුවිශේෂී කරුණකි. මෙම වාර්තාව සංසන්දනය කිරීමේදී, පාකිස්තානය ඔස්ට්‍රේලියාවේදී සිය ප්‍රථම ටෙස්ට් ජය ලබාගත්තේ එරටදී ක්‍රීඩා කළ 7වැනි තරගයේදී වන අතර ඉන්දියාව එම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ 12වැනි ටෙස්ට් තරගයේදීය.

Exit mobile version