Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Rebuilding Sri Lanka” කාර්ය සාධක බලකාය රැස්වෙයි: දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 25,000කට වැඩි මුදලක් වෙන් කෙරේ

දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් නිවාස 50,554කට රු.මි 13,505ක්, පූර්ණ හානියට පත් නිවාස 4918කට රු.මි 11,510ක් මේ වන විටත් ලබාදී ඇත

දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් නිවාස 50,554කට රු.මි 13,505ක්, පූර්ණ හානියට පත් නිවාස 4918කට රු.මි 11,510ක් මේ වන විටත් ලබාදී ඇත

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය

දිට්වා ආපදාවෙන් අනතුරුව යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව සහ 2026 ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධව මෙන්ම, “Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මෙහිදී අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් පූර්ණ හානියට පත් නිවාස 4918ක් සඳහා රුපියල් මිලියන 11,510ක් මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කෙරුණා.

හානියට පත්ව ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සහ ඊට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි. අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය, නැවත පදිංචි කිරීම්, සහන කඳවුරුවල තවදුරටත් රැඳී සිටින පිරිස් සම්බන්ධව ගත යුතු පියවර කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.

දිට්වා ආපදාවට පත් ප්‍රදේශවලටම ගොස් වත්මන් තත්ත්වය සොයා බලන ලෙසට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, ජනතාවගේ දෛනික ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පෙන්වා දි තිබේ.

මේ වන විට යළි ගොඩනැඟීම් කටයුතු සම්බන්ධයෙන් පැන නැඟී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීමට ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ හැකි ඉක්මණින් සාකච්ඡා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනාධිපති කාර්ය සාධක බළකා සාමාජිකයන්ට උපදෙස් ලබා දී තිබේ

Exit mobile version