යෝජිත 22වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක නෛතික අවශ්‍යතාව පෙන්වා දෙමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉකුත් බදාදා දින (12) ලිපියක් යොමු කර තිබේ.
අදාළ කාරණාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ජනතාවට නොලැබෙන්නේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය බලය තදින්ම උල්ලංඝනය වන බව තම පාර්ශවයේ අදහස බවද ලිපියේ සඳහන් වේ.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය සංශෝධනයට යෝජිත පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85(1) වගන්තිය ප්‍රකාරව සහතික කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝග කරන ලෙසද ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඇතුළු වෘත්තීය හා දේශපාලන සංවිධානවල පුද්ගලයින් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව ඒකාබද්ධ විපක්ෂය යටතේ මෙම ලිපිය ඉදිරිපත් කර තිබේ.

