Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව කොන්දේසි ඉටු කළොත් හෝමුස් විවෘත කරනවා – ඉරානය

අමෙරිකාව කොන්දේසි ඉටු කළොත් හෝමුස් විවෘත කරනවා – ඉරානය

අමෙරිකාව කොන්දේසි ඉටු කළොත් හෝමුස් විවෘත කරනවා – ඉරානය

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඕමානය සමඟ එකඟතාවකට පැමිණීමට ඉරානය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත්, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඇමෙරිකාව විසින් ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලිය යුතු බව ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදුවූ හානි සඳහා වන්දි ලබාදීම, ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීම සහ ඉරාන දේපළ නිදහස් කිරීම එම ඉල්ලීම් අතරට ඇතුළත් බව සදහන්.

එමෙන්ම ඉරානයට සහ එහි හිතවාදී පාර්ශ්වයන්ට එල්ල වන තර්ජන හා ප්‍රහාර නතර කිරීම මෙන්ම පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු නාවික මෙහෙයුම් අවසන් කිරීමද ඉරානය ඉල්ලා තිබේ.

ඕමානය සමඟ ඇති කරගන්නා එකඟතාවක් මත හෝමුස් හරහා නව නාවික මාර්ග හඳුනාගැනීමට හැකි වනු ඇති බව අරක්චි වැඩි දුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, ඇමෙරිකාව සමඟ සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, දෙපාර්ශ්වය අතර සන්නිවේදනය සිදුවන්නේ මැදිහත්කරුවන් හරහා පමණක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සම්බන්ධයෙන් දැඩි මැදිහත්වීමක් සිදු නොකර එරට පවතින ආර්ථික පීඩනය නිරීක්ෂණය කරමින් සිටින බවයි.

Exit mobile version