Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස් පත්වෙයි

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් පත්ව තිබේ..

ඒ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු මහා සභා රැස්වීමේදීයි.

වනිඳු හසරංග, චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී විය

මෙම සංගමය පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්වාධීන සහ සාමූහික හඬක් වීම සඳහායි.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ගෝලීය සම්මේලනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමග සෘජුවම අනුබද්ධව කුසල් මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය කටයුතු කරයි.

ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවලද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි සංගම් පිහිටුවා තිබේ.

Exit mobile version