Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය

මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය

මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවත් රැඳවියන් 24දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට පරික්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා සිටි අතර අධිකරණය ඊට අවසර ලබා දී තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අද (07) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව, කලින් නම් කරන ලද සැකකරුවන් 38දෙනා සහ අද (07) දිනයේ නම් කළ 24දෙනා ඇතුළුව මෙම සිද්ධියට අදාළව මුළු සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත මෙම සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයේ ප්‍රකාශ නොකළ අතර, අදාළ නාම ලේඛනය සහ B වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත්වරිය වෙත භාර දීමට කටයුතු කළා.

එහිදී කලින් නම් කරන ලද සැකකරුවන් 38දෙනා (07) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිතව තිබුණද, සිද්ධියෙන් තුවාල ලැබූ සාක්ෂිකාර බන්ධනාගාර නිලධාරීන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන අගෝස්තු 21 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

මීට අමතරව, අත්අඩංගුවට ගෙන සිටින සියලුම සැකකරුවන් අගෝස්තු 21 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, එදිනට සැකකරුවන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරුන්ට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනි අවි ආඥා පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Exit mobile version