Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා අරමුදල අවුරුදු 21ක් ගතවීත් ස්ථාපිත කර නෑ

ආපදා අරමුදල අවුරුදු 21ක් ගතවීත් ස්ථාපිත කර නෑ

ආපදා අරමුදල අවුරුදු 21ක් ගතවීත් ස්ථාපිත කර නෑ

රට මුහුණ දෙන ආපදා අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආපදා අරමුදලක් ස්ථාපිත කරන ලෙස 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතෙන් නියම කර ඇතත් අවුරුදු 21ක කාලයක් ගතවීත් එම අරමුදල ස්ථාපිත කර නැති බව අනාවරණය වේ.

ජුලි 28 වැනිදා පැවති පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ බව අනාවරණය වූ අතර ඒ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නිලධාරින්ගෙන් කරන ලද විමසීමේදීය.

ඉදිරියේදී එල් නිනෝ ඇතුළු දරුණු ආපදා තත්වයන් ඇතිවන බවට කර ඇති අනතුරු ඇඟවීම් හා ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය පවා වාර්තා මගින් පුරෝකතනය කර ඇති තත්වයන් යටතේ ක්ෂණිකව ඊට මුහුණ දීම සඳහා වෙන්කර ඇති මුදල් පිළිබඳ රජ‌යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විමසීමේදී භාණ්ඩාගාර නිලධාරින් පවසා ඇත්තේ ඒ ආකාරයට මුදල් වෙන්කිරීම සඳහා අරමුදලක් නොමැති බවයි.

ව්‍යවසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවට අරමුදලක් තිබිය යුතු යැයි 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතෙන් නියම කර ඇති අතර එහි ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 10ක මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් බැරකළ යුතු බව එහි සඳහන් කර ඇත.

Exit mobile version