වැල්ලවාය අලිකොටආර කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 10කට අධික ප්රදේශයක් මුළුමනින්ම විනාශයට පත්වුණා.
වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලිකොටආර ඉහළ කඳු රක්ෂිතයේ මෙම ගින්න හට ගත්තේ ඊයේ (30) පස්වරුවේදීයි.
රාත්රි කාලය පුරාම ගින්න පැවතුනු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ප්රදේශයේ පවතින වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්රයෙන් පැතිර ගියා.
කෙසේ වුවද අද (31) අලුයම වන විට මෙම ගින්න මුළුමනින්ම පාලනය වී තිබේ

