Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 55ක් සිදු කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන හතරයි දශම පහක් වේ.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට අඩු වයස්වල පිරිස් වර්තමානයේ වැඩි වශයෙන් යොදා ගන්නා බවත් මත්ද්‍රව්‍ය රැගෙන එන අයට/ සමාජරෝග ඇති බවත්/ හඳුනාගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ජාවාරම්කරුවන්ට ඉඩ තබන්නේ නැති බවයි රේගුව සඳහන් කරන්නේ.

ගුවන්ගමන්වලදී කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන පාර්සලයක් හෝ බෑගයක් රැගෙන යාමට කටයුතු නොකරන ලෙසට රේගුව ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීයී ඉල්ලීම සිදු කර තිබෙන්නේ.

Exit mobile version