Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර කඩෝලාන දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් කඩෝලාන පැළ සිටුවීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර කඩෝලාන දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් කඩෝලාන පැළ සිටුවීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර කඩෝලාන දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් කඩෝලාන පැළ සිටුවීමේ වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්පසුගියදා වෙරුගල් ආරු ගඟ, උක්කේනි කලපුව සහ ඒ ආශ්‍රිත වෙරළබඩ ප්‍රදේශවල කඩොලාන පැළ 400ක් රෝපණය කිරීමේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

නැගෙනහිර නාවික විධානය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන, රටේ වෙරළ තීරය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස පැවැත්වුණු අතර, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන අඛණ්ඩ දායකත්වයේ තවත් පියවරක් ලෙස සැලකේ.

මෙම කඩොලාන රෝපණ වැඩසටහනේ අරමුණ වූයේ වෙරළ ආරක්ෂාව ශක්තිමත් කිරීම, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරීවරයා සහ එහි නාවික හමුදා සාමාජිකයින් එක්ව සිටියහ.

Exit mobile version