Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නියමිත මිලෙන් වැඩි මිලට ජල බෝතල් විකුණූ ඇල්ලේ ආයතනයකට රුපියල් මිලියනයක දඩයක්

ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට

ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට

නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.

පසුගිය 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාළ ආයතනය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම පිළිබඳ අනාවරණය වී ඇත.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය 22 වැනි දින මෙම නඩුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවට වරද පිළිගෙන ඇත.

ඒ අනුව අධිකරණය විසින් එම සමාගමට එරෙහිව රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version