Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය තවත් වසර 4කින් දීර්ඝ කෙරේ

සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට

සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය දෙවන වර දැරීම සඳහා වන ඡන්දයෙන් වෝල්කර් ටර්ක් ජයගෙන තිබේ.

ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මස 11වන දින නිල කාලය නිමා කිරීමට සිටි ඔහුගේ ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කෙරෙනු ඇත.

දෙවන වරටත් එම ධුරය දැරීම සඳහා පැවති මත විමසුමෙන් ඔහු වැඩි ඡන්ද 134කින් ජයගත්තා. අදාළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 144ක් පක්ෂව ඡන්දය භාවිත කළ අතර රටවල් 10ක් ඊට විරුද්ධ විය.

රටවල් 13ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය, රුසියාව, උතුරු කොරියාව ඇතුළු තවත් රටවල් හයක් වෝල්කර් ටර්ක්ගේ නැවත තේරී පත්වීමට විරුද්ධ වූණා.

වෝල්කර් ටර්ක් තම දෙවන ධුර කාලය අවසන් කළහොත්, 1993දී එම තනතුර ඇති කිරීමෙන් අනතුරුව එවැනි ක්‍රියාවක් කළ පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඔහු වන බව විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් වාර්තා කරයි.

Exit mobile version