Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ සහතික ලාංඡනය (SLS) නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්

භාණ්ඩ සහතික ලාංඡනය (SLS) නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්

භාණ්ඩ සහතික ලාංඡනය (SLS) නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්

2026 ඔක්තෝබර් 08 වැනිදා සිට භාණ්ඩ සහතික ලාංඡනය (SLS) නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන (SLS) භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදනය වෙළෙඳපොළ වෙත නිකුත් කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ.

තවද, ආනයනය කරන සනීපාරක්ෂක තුවාද ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version