Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් මට්ටම පිළිබඳව නව නියාමනයක්

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් මට්ටම පිළිබඳව නව නියාමනයක්

සැකසූ දියර කිරි (Processed Liquid Milk) සඳහා අනුමත ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම මට්ටම සම්බන්ධයෙන් නව විධානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියට අනුකූලව සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් උපරිම සීමාව 0.5 µg/kg (ppb) ලෙස නියම කර ඇත.

එම සීමාව ඉක්මවන සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, සැකසීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මෙම විධානය යටතේ තහනම් වේ.

මෙම නියාමනය සැකසූ දියර කිරි සැපයුම් දාමයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් වන නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනකරුවන් සහ වෙළෙන්දන්ට අදාළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අදාළ විධානය 2027 ජනවාරි 8 වැනිදා සිට බලපැවැත්වෙන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version