Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්

සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්

සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්

මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පදනයන්වල නම සහ සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්​ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත.

පසුගිය වකවානුව තුළ විවිධ සන්නාමයන් යටතේ සබන් වර්ග රැසක් මෙරට වෙළෙඳපොලට නිකුත් කිරීම නිරීක්ෂණය කර ඇති අතර ඒවා නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව රෙගුලාසි නිකුත් කර ඇත.

මෙරට ජනතාව අතර ජනප්‍රිය මෙන්ම වසර ගණනාවක් පුරා වෙළෙඳපොල තුළ පවතින ප්‍රධා​න සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරන අතර එම නිෂ්පාදනයන්හි අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලබයි. එහෙත්වෙළෙඳපොල තුළ දක්නට ලැබෙන ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම් වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වෙමින් පැවතුණි. ඒ අතර ඇති බහුතර සබන් නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා බවටද තොරතුරු වාර්තාවේ.

ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය. ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී.2)ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුය.

මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.

Exit mobile version