Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 4කට ආසන්න සෞදි – හූති සටන් විරාමය බිඳ වැටෙයි

වසර 4කට ආසන්න සෞදි – හූති සටන් විරාමය බිඳ වැටෙයි

වසර හතරකට ආසන්න කාලයක් පුරා පැවති සටන් විරාමයට අවසානයක් සනිටුහන් කරමින් යේමනයේ හූති සන්නද්ධ සංවිධානය සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

හූති සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

මෙම ප්‍රහාරයත් සමඟ සෞදි අරාබිය සහ ඉරාන හිතවාදී හූති සංවිධානය අතර 2022 වසරේ සිට ක්‍රියාත්මක වූ සටන් විරාමය බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, 2022 මාර්තු මාසයේ සෞදි බලශක්ති පහසුකම් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, සෞදි අරාබියට එරෙහිව හූති සංවිධානය නිල වශයෙන් වගකීම භාරගත් පළමු ප්‍රහාරය ලෙසද මෙය සැලකේ.

මෙම වර්ධනයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් උණුසුම් වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. වසර හතරකට ආසන්න කාලයක් පුරා පැවති සටන් විරාමයට අවසානයක් සනිටුහන් කරමින් යේමනයේ හූති සන්නද්ධ සංවිධානය සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

හූති සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

මෙම ප්‍රහාරයත් සමඟ සෞදි අරාබිය සහ ඉරාන හිතවාදී හූති සංවිධානය අතර 2022 වසරේ සිට ක්‍රියාත්මක වූ සටන් විරාමය බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, 2022 මාර්තු මාසයේ සෞදි බලශක්ති පහසුකම් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, සෞදි අරාබියට එරෙහිව හූති සංවිධානය නිල වශයෙන් වගකීම භාරගත් පළමු ප්‍රහාරය ලෙසද මෙය සැලකෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම වර්ධනයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් උණුසුම් වෙමින් පවතින බවයි.

Exit mobile version