Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.
ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බවයි Travel And Tour World ආයතනය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව සතු සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් හේතුවෙන් විදේශීය සංචාරකයින්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන රටක් බවද පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා පුළුල් පරාසයක ආහාර රසවිඳීමේ අවස්ථා සංචාරකයන්ට විවෘතව පවතින බව එහි සඳහන්.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සඳහා හොඳම ස්ථාන 10ක්ද නම් කර තිබෙනවා.
ඒ අනුව,
කොළඹ – බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර
ගාල්ල සහ මීගමුව – මුහුදු ආහාර රස බැලීමට සුදුසුම ගමනාන්ත
මහනුවර – සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර
යාපනය – සුවිශේෂී දෙමළ ආහාර රසයන්
ඇල්ල – දේශීය අමුද්‍රව්‍ය යොදාගත් නැවුම් ආහාර
නුවරඑළිය – තේ ආශ්‍රිත නිෂ්පාදන සහ පැණිරස කෑම
මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය – වෙරළබඩ නැවුම් මුහුදු ආහාර ලෙස දැක්වේ.

