Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප් හෝමුස් හරහා යන නැව්වලින් 20%ක ආරක්ෂක බද්දක් අයකිරීමේ තීරණයක්

ට්‍රම්ප් හෝමුස් හරහා යන නැව්වලින් 20%ක ආරක්ෂක බද්දක් අයකිරීමේ තීරණයක්

ට්‍රම්ප් හෝමුස් හරහා යන නැව්වලින් 20%ක ආරක්ෂක බද්දක් අයකිරීමේ තීරණයක්

ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ

තම නිල Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් තැබූ සම්පූර්ණ සටහනෙන් දැක්වෙන්නේ,

“හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි ‘ඉරාන නාවික අවහිරතාව’ නැවතත් බලාත්මක කරනවා. මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු’ ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්, එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20%ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ.”

ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රකාශයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ හා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන සෙසු ධනවත් රටවලින් 20%ක ආරක්ෂක බද්දක් අය කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බව පැහැදිලි වන අතර, මෙය ගෝලීය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ලබනු ඇත.

Exit mobile version