Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති පොදු සමාවට අලුත් නීති නිර්දේශ

ජනාධිපති පොදු සමාවට අලුත් නීති නිර්දේශ

ජනාධිපති පොදු සමාවට අලුත් නීති නිර්දේශ

දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා වන ක්‍රමානුකුල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සඳහා සකස් කරන ලද වාර්තාව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය වෙත භාරදී ඇත.

2025 ජුනි 25 දින කැබිනට් මණ්ඩලය විසින් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 34 (1) ව්‍යවස්ථාවේ අතුරු විධානය ඇතුළුව අනෙකුත් නීති ආඥා පනත් සහ නඩු තින්දු ද, අධ්‍යයනය කරමින් බන්ධනාගාර ක්ෂේත්‍රයේ පවතින පරිපාලනමය ක්‍රියා පටිපාටියන්හි අඩු ලුහුඩුකම් සකස් කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ධිකරණයේ විශ්‍රාමික විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.

මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වූයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (නීති) රොෂානි හෙට්ටිගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන මහත්ම මහත්මීන්ය.

බන්ධනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපන ක්‍රමවේදයන්හි පවතින විවිධ අඩුලුහුඬුකම් මග හරවා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමින්තීන්ට අනුගත විය හැකි බන්ධනාගර පද්ධතියක් සඳහා රජය ගෙන යන ප්‍රතිසංස්කරණවල එක් මූලික පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

මෙකී නිර්දේශ සළකා බලා සුදුසු අයුරින් ක්‍රියාත්මක කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඉදිරි කාලයේ දී සිදු කරනු ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සදහන් කරයි.

Exit mobile version