ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම තත්ත්වය පිළිබඳව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ද නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, පවතින තාක්ෂණික දෝෂය නිවැරදි කරන තුරු නාගරික හෝ නාගරික නොවන ඕනෑම ප්‍රදේශයක සිදුවන ගිනි ගැනීම් වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා,
”ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකයේ තාවකාලික විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරලා තියෙනවා.. විශේෂයෙන්ම නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීම අවස්ථාවක දී එම ගිනි ගැනීම් දැනුම් දීම සඳහා ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන්න.. ඒ අනුව 117 අංකය අමතලා යම් ගිනි ගැනීම් අවස්ථාවක් ඇත්තම් ඒ පිළිබඳව දැනුම් දෙන්න .. මෙය තාවකාලික අවස්ථාවක් පමණයි.. එම තත්ත්වය නිවැරදි කරන තුරු ගිනි ගැනීම් අවස්ථාවන් පිළිබඳව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එම අංකය හා සම්බන්ධ වෙන්න.. අපගේ නිලධාරින් ක්ෂණිකවම එම ගිනි ගැනීම් තත්ත්වයන් ගැන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට දැනුම්දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා.. භාෂා ත්‍රිත්වයෙන්ම අප හා සම්බන්ධ විය හැකියි”

