Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන් ආලේපිත ගිනි අවි නඩුවේ සැකකරුවෙකු ලෙස යළි දුමින්ද දිසානායක

රන් ආලේපිත ගිනි අවි නඩුවේ සැකකරුවෙකු ලෙස යළි දුමින්ද දිසානායක

රන් ආලේපිත ගිනි අවි නඩුවේ සැකකරුවෙකු ලෙස යළි දුමින්ද දිසානායක

රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් සැකකරුවකු ලෙස නම් කර තිබෙනවා.

වැල්ලවත්ත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයකින් රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු යළිත් සැකකරුවකු ලෙස නම් කර ඇති බව සඳහන්.

ඒ අනුව දුමින්ද දිසානායක ඊයේ (10) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මීට පෙර අදාළ නඩුවෙන් ඔහු නිදහස් කර තිබුණද, වැඩිදුර නීතිපති උපදෙස් අනුව යළිත් සැකකරුවකු ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත දුමින්ද දිසානායක මුදා හැරීමට නියෝග කළා.

එමෙන්ම නීතිපතිවරයාගේ වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව ලබන දෙසැම්බර් 11 වැනිදා යළි කැඳවීමටද අධිකරණය නියම කළේය.

Exit mobile version