Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් මිලියන ගාණක දේපළක් අරන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් මිලියන ගාණක දේපළක් අරන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් මිලියන ගාණක දේපළක් අරන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන ‘ක්‍රිෂ්’ ගනුදෙනුව පිළිබඳ විමර්ශනවලදී, රුපියල් මිලියන 188ක මුදලක් යොදවා මෙරටින් දේපළ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ජූලි 09 වැනිදා කරුණු වාර්තා කරනු ලැබුවා.

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි අක්කර 4.3ක ඉඩමක් ඉන්දීය සමාගමකට බදු දීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවකට අදාළව මෙම විමර්ශන ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව, ජර්මාන් බැංකුවකින් යුරෝ 1,200,000 ක්ද, ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1,497,446 ක්ද වශයෙන් මෙම ගනුදෙනුවට අදාළව විදේශීය බැංකු දෙකකින් මෙරට බැංකු ගිණුම් වෙත විශාල මුදල් සම්ප්‍රේෂණයන් සිදුව තිබෙනවා.

අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මෙම මුදල් හුවමාරු වී ඇත්තේ හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ මුවාවෙන් බවයි.

Exit mobile version