ශාස්ත්‍රවන්තයන්ට විදේශගතව පවතින පුස්කොලපොත් ආදිය පර්යේෂනය කිරීම ප්‍රායෝගිකව අපහසු වීම නිසාම පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය මගින් වසර ගණනාවක සිට එම පුස්කොලපොත් ඩිජිටල්කරණය කර එම පරිලෝකිත පිටපත් Open Access (කාටත් නොමිලේ පර්යේෂනය කල හැකි පරිදි) අන්තර්ජාලයට මුදා හැරීම සිදු කරනු ලබයි.
දැනට බ්‍රිතාන්‍ය පුස්තකාලයට අදාළව ඔවුන් හා සමඟ ගිවිසුම්ගතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර ඒ මගින් දැනට පරිලෝකිත පිටපත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමටද හැකිය.
ඒ අනුව දැනට University of London හී SOAS පුස්තකාලය සතුව පවතින සිය ගණනක් වූ අපේ පුස්කොල පොත් ශ්‍රී ලාංකිකයන්ගේත් ශාස්ත්‍රඥයන්ගේ පරිහරණය සඳහාත් Open Access (කාටත් නොමිලේ පර්යේෂනය කල හැකි පරිදි) සහිතව අන්තර්ජාලයට මුදා හැරීම සඳහා University of London & SOAS (School of Oriental and African Studies) පුස්තකාලය සමඟ ගිවිසුම්ගතවීමට පරමත්ථ හා ICTBUK සංවිධානය විසින් පසුගිය ජුලි මස 1 වෙනි දින කටයුතු කරන ලදී.
මේ සඳහා පරමත්ථ සංවිධානය වෙනුවෙන් ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්ථවිරයන් වහන්සේ සහ SOAS පුස්තකාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සෑම් හෙනී මහත්මියද අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම මගින් සිය ගණනක් වූ පුස්කොල පොත් අනාගත නූපන් පරපුරක් වෙනුවෙන් සුරක්ෂිත කිරීම හා ශාස්ත්‍රඥයන් වෙනුවෙන් විවෘත වීමද සිදුවනු ඇත.
එම අවස්ථාව සඳහා පරමත්ථ සංවිධානය නියෝජනය කරමින් පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ හා ICTBUK ආයතනය නියෝජනය කරමින් මධුරිකා ජයවර්ධන, අමිල පෙරේරා, නිමාලි ගුණවර්ධන සහ සනත් ගුණවර්ධන මහත්ම මහත්මීන් සහ University of London & SOAS (School of Oriental and African studies) පුස්ථකාලය නියෝජනය කරමින් සෑම් හෙනී, ඇලෙක්ස් කීතර්, ෆ්‍රැන් චෙස්කා මාචෙට්ටි, ආගුලා රුබ්ලැක් යන පිරිස සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකින් හා සුපෝෂිත සාහිත්‍යයකින් යුතු රාජ්‍යයකි.
ලේඛනය අතින් ක්‍රිස්තු පූර්ව 5-6 ශත වර්ෂවල දියුණු අක්ෂර භාවිත වූ බවට සාධක දක්නට ලැබෙන අතරම ක්‍රිස්තු පූර්ව 9 දක්වා අතීතයකට දිවෙන අක්ෂරද හමුව ඇත.
ත්‍රිපිටකය හා ඒ ආශ්‍රිත අර්ථකථන සම්ප්‍රදාය ලේඛනගතව පවත්වාගෙන ඒමත් සාහිත්‍ය, ව්‍යාකරණ, වෛද්‍ය, ගුප්ත විද්‍යා, ගණිත ආදී නොයෙක් අංශයන් හී මහා දැනුම් පද්ධතියක් ලේඛන මාධ්‍යයෙන් පවත්වාගෙන ඒමට අපේ ආදිතමයන් කටයුතු කලහ.

