Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානය සමග අවබෝධතා ගිවිසුම අවසන් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සමග අවබෝධතා ගිවිසුම අවසන් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සමග අවබෝධතා ගිවිසුම අවසන් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන යුද්දය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුම අවසන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරානය සමග කටයුතු කිරීම කාලය නාස්ති කිරීමක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඉරානය සමග කටාර් සහ සෞදි තෙල් නැව් ඇතුලුව හෝමූස් සමුද්‍ර සන්ධියේ දී නැව් තුනකට ප්‍රහාර එල්ල කෙරුණා.
මේ සඳහා ඇමෙරිකාව, ඉරානයට චෝදනා කළද ඉරානය මෙහි වගකීම මෙතෙක් භාරගෙන නැති බවයි සඳහන් වනුයේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර රැසක් එල්ල කළා.

ඒ සමග ඉරානය අද (08) දිනයේ දී බහරේනයේ සහ කුවේටයේ ඇමෙරිකා හමුදා ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කළේය.

අදාළ සාම ගිවිසුමෙන් පසු එල්ල වු දරුණුතම ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානය යුද්දයේ දී සහාය ලබා නොදීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා නේටෝ රටවල්ද විවේචනය කර තිබෙනවා. ඒ අන්කාරා හි පැවති නේටෝ සමුළුවේදීය.

Exit mobile version