නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ නාවික හමුදාව සැකකරුවන් 27 දෙනෙකු සිය භාරයට ගෙන තිබෙනවා.
පසුගිය මස 16 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඩිංගි යාත්‍රා 10ක් සහ කැනොයි යාත්‍රා දෙකක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය සුඩයිකුඩා ස්විට් බේ, යාපනය, උඩුත්තුරායි, වෙත්තල කේනි, කඩ්ඩෙයිකාඩු, චලෙයි සිලාවතුර ආදී වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදිසිදු කළ මෙහෙයුම්වලදී මෙම නීති විරෝධී ධීවර කටයුතු නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වි තිබේ.

