මෙරට බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
ඒ අනුව දැනට පවතින රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කලේය.
මෙම ගාස්තු ඉහළ නැංවීමට මෙම මස 5වනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
බස් ගාස්තු සංශෝධනයට අදාළව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුකොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම් දැනට භාවිත කරන බස්රථ මාදිලි මෙන්ම අමෙරිකානු ඩොලරයේ සිදුවන වෙනස්වීම්ද මෙම මිල සංශෝධනයේදී සැලකිල්ලට ගෙන තිබේ.
තවද බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සහ මෑතකදී හඳුන්වා දුන් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්දැනට පවතින බස් ගාස්තු සූත්‍රය හෙවත් පිරිවැය දර්ශකය සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කර තිබු අතර එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සහ 2026 වසරේ ජුනි 30වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුවූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනුමත කර තිබේ.

