කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) “FREINDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
මෙම ව්‍යාපෘතිය මේ වනවිට ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද, කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමට මෙම ට්‍රැක්ටර් උපකාරී වනු ඇත.

