Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලාට ඇප

අත්අඩංගුවට ගත් ශ්‍යමිලාට ඇප

අත්අඩංගුවට ගත් ශ්‍යමිලාට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන බවට නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව ශ්‍යමිලා පෙරේරා මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කරනු ලැබීය.

ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළේය.

Exit mobile version