Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකානු තෙල් සංචිත, 1983න් පසු අඩුම තෙල් සංචිත මට්ටමට

අමෙරිකානු තෙල් සංචිත, 1983න් පසු අඩුම තෙල් සංචිත මට්ටමට

අමෙරිකානු තෙල් සංචිත, 1983න් පසු අඩුම තෙල් සංචිත මට්ටමට

ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, එරට ‘උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ’ (Strategic Petroleum Reserve – SPR) පවතින බොරතෙල් ප්‍රමාණය තවත් බැරල් මිලියන 5.5කින් පහත වැටී ඇත.

ඒ අනුව මේ වනවිට එම සංචිතයේ ඉතිරිව ඇත්තේ තෙල් බැරල් මිලියන 325.7ක් පමණක් වන අතර, එය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අඩුම තෙල් සංචිත මට්ටම ලෙස ඉතිහාසයට එක්වේ.

මෙලෙස ඇමෙරිකානු සංචිත ශීඝ්‍රයෙන් පහත වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඉරාන යුද තත්ත්වයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ඇති වූ බොරතෙල් හිඟය පියවීම සඳහා සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පාලනය කිරීම සඳහා අමෙරිකාව එකඟ වූ පරිදි සිය සංචිතවලින් තෙල් බැරල් මිලියන 172ක් මුදා හැරීමට කටයුතු කිරීමයි. මීට අමතරව, අමෙරිකානු තෙල් සඳහා විදෙස් රටවලින් පවතින ඉහළ අපනයන ඉල්ලුම සහ එරට පිරිපහදු කටයුතු ශීඝ්‍රයෙන් ඉහළ යාමද මෙම තොග අවසන් වීමට තවත් හේතුවක් වී ඇත.

පසුගිය පෙබරවාරි මාසය අග භාගයේදී යුද තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා කාලය තුළ, වාණිජ සහ උපායමාර්ගික සංචිතද ඇතුළුව සමස්ත ඇමෙරිකානු බොරතෙල් සංචිත ප්‍රමාණය බැරල් මිලියන 111.4කින් පහත වැටී තිබේ. ඒ අනුව ජූනි 19 වැනිදා වන විට සමස්ත අමෙරිකානු තෙල් තොගය බැරල් මිලියන 743.3ක් දක්වා අඩු වී ඇති අතර, එය 1984 වසරෙන් පසු එරටින් වාර්තා වූ අවම සමස්ත තෙල් සංචිත මට්ටම ලෙසද සටහන් වේ.

Exit mobile version