හෘදය හා රුධිර නාළ පද්ධතිය සම්බන්ධ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කැතීටකරණ පද්ධති (Cardiac Catheterization Laboratory – Cath Lab) හතරක් සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. හෘද ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛන අවම කිරීමේද අරමුණ ඇතිව රෝහල් පද්ධතියට එක්කෙරෙන එක් කැත් රසායනාගාර ඒකකයක (Cath Lab) වටිනාකම රුපියල් මිලියන 300ක් වන අතර මෙම යන්ත්‍ර 4 සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1200කි.
එලැඹෙන් ජුනි මස 27 වැනි දින යාපනය ශික්ෂණ රෝහලේ ද, ජුනි මස 30 වැනි දින කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද, කැත් රසායනාගාරය බැගින් ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට නියමිතය. ජුලි මස 02 වැනි දින කොළඹ ජාතික රෝහලේ කැත් රසායනාගාර 02ක්ද වශයෙන් හෘද රෝගී ප්‍රතිකාර සඳහා එක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සැලසුම්සහගතව අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති වැඩසටහනක් යටතේ මෙලෙස අති නවීන Canon Alphenix Core+ Evolve Edition හෘද කැතීටකරණ පද්ධති (Cath Labs) හතරක් ස්ථාපනය කෙරේ.
මෙම ඒකකයේදී හෘදයේ හා රුධිර නාළවල තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂාව සිදු කරයි. හෘද ධමනි අවහිරතා ඉවත් කිරීමට ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර හා ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම්, හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා හෘද විද්‍යුත් කායික පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රියාපටිපාටි ඇතුළු ජීවිතාරක්ෂක ප්‍රතිකාර රැසක් සිදු කරනු ලැබේ.
මෙම නවීන කැතීටකරණ පද්ධති (Cath Lab) මඟින් විවෘත ශල්‍යකර්මයක අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත හා අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබේ.
මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි. විශේෂයෙන් Cine රූපගත කිරීම් නොමැති ක්‍රියාපටිපාටිවලදී පවා ඉතා පැහැදිලි හා උසස් තත්ත්වයේ රූප ලබා දීම නිසා වෛද්‍යවරුන්ට වඩාත් ආරක්ෂිතව හා විශ්වාසදායක ලෙස සංකීර්ණ මැදිහත්වීම් සිදු කිරීමට හැකි වේ.

