Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය සේවයට ස්මාර්ට්ෆෝන් තහනම්

ඇෆ්ගන් රාජ්‍ය සේවයට ස්මාර්ට්ෆෝන් තහනම්

ඇෆ්ගන් රාජ්‍ය සේවයට ස්මාර්ට්ෆෝන් තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් එරට සියලුම රාජ්‍ය සේවකයින්ට ස්මාර්ට්ෆෝන් (Smartphones) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ජුනි 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම තහනම විනිසුරුවන්, හමුදා නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක අංශ ඇතුළු සියලුම ක්ෂේත්‍රවලට බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නියෝගය උල්ලංඝනය කරන නිලධාරීන්ගේ දුරකථන විනාශ කර, ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවටද තලේබාන් පාලනය අනතුරු අඟවා ඇත.

මීට පෙර වට්ස්ඇප් (WhatsApp) සහ විද්‍යුත් තැපෑල (Email) හරහා සිදුකළ රාජකාරී කටයුතු මෙම තහනම නිසා මේ වන විට දැඩි ලෙස අඩාල වී ඇති බව එරට නිලධාරීන් පවසයි.

පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් මේ වන විටත් සියලුම රාජ්‍ය කාර්යාල තුළ මෙම නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

තොරතුරු දැනගැනීමට, අධ්‍යාපනයට සහ සන්නිවේදනයට ඇති අයිතිය මෙයින් ඇහිරෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

2021 අගෝස්තු මාසයේදී නැවත බලයට පත්වීමෙන් පසු, තලේබාන් පාලනය විසින් කාන්තාවන්, මාධ්‍ය සහ සිවිල් සමාජය ඉලක්ක කරගනිමින් මෙවැනි දැඩි සීමා කිරීම් රැසක් පනවනු ලැබීය.

Exit mobile version