Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2026 වසර පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම අද දින (26) සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම අයදුම්පත්‍ර ලබන මස 08 වෙනිදා දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙනු ඇත.

පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version