Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොල් වගාවටත් නව රක්ෂණ ආවරණයක්

පොල් වගාවටත් නව රක්ෂණ ආවරණයක්

පොල් වගාවටත් නව රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ රක්ෂණ යෝජනා ක්‍රමයක් එම වගාකරුවන් වෙත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.

එහිදී, සහනදායී වාරිකයක් යටතේ පොල් පැලයක් සඳහා මූලික වශයෙන් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම් සහ වනඅලි විසින් වගාවට සිදුකරන හානි ආවරණය කරනු ලැබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කරනු ලබන එක් පොල් පැලයක් රු.40/- රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණය කිරීමේදී, වාර්ෂිකව රු. 550/- රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය. ඒ අනුව උපරිම රක්ෂිත කාලසීමාව වන වසර 06 ක් සඳහා වාර මුදල වන රු.875/- යටතේ පොල් පැලයක් සඳහා රු.12450/- වාර්ෂිකව රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට මේ මඟින් අවස්ථාව සළසා දී ඇත.

මේ මඟින් පොල් වගාවන්ට මුහුණදීමට සිදුවී ඇති ස්වභාවික හේතූන් මත සිදුවන හානි මෙන්ම නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන වන අලි මඟින් වගාවට සිදුවන අවදානම් ආවරණය කිරීම සිදුවන බැවින්, වගා කරුවන්ට අවදානමකින් තොරව පොල් කර්මාන්තය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අවස්ථාව ලබාදී ඇත.

Exit mobile version