Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය

ඩෙංගු මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය

ඩෙංගු මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය

දිවයින පුරා පැතිර යන ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ළඟාවිය නොහැකි ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන (Drone) තාක්ෂණය යොදාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (24) ආරම්භ විය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය යන ආයතනවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව කොළඹ නගර සීමාව තුළ සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීමට අපහසු සහ ළඟාවිය නොහැකි ස්ථානවල මදුරු කීටයන් බෝ වී ඇත්දැයි සෙවීමේ කටයුතු අද(24) දිනයේ සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන්, කොළබ නගර සභාවේ නියෝජිතයින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Exit mobile version