විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික විද්‍යා පදනමේ (NSF) වර්තමාන ප්‍රගතිය, අනාගත සැලසුම් සහ ඉදිරි අභියෝග පිළිබඳ විමසා බැලීම, සේවාවන් විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහල නැංවීම අරමුණු කර ගත් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් (Management Committee Meeting) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාතික විද්‍යා පදනමේ දී පැවැත්විණි.
සමාජය තුළ විද්‍යා දැනුම ප්‍රචලිත කිරීම, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම ඇතුළු ආයතනයේ සේවාවන් සිදුකෙරෙන ආකාරය සහ ඒවාහි කාර්යක්ෂමතාව
මෙන්ම ගුණාත්මක බව ඉහල නැංවීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි. ආයතනයේ සියළු ශ්‍රේණිවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වෘත්තීය ප්‍රතිලාභ ඉහල නැංවීම සහ මානව සම්පත් කළමනාකරණය ආදී කරුණු පිළිබඳවද අවධානය යොමු කරමින් සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පාසල් පද්ධතිය ඇතුළු පොදු සමාජය තුළ විද්‍යාත්මක දැනුම ප්‍රචලිත කිරීම පුළුල් කළ යුතු බවත්, කඩිනම් හා කාර්යක්ෂම වැඩසටහන්හි අවශ්‍යතාව පෙන්වා දුන්නේය. විනිවිදභාවයෙන් යුතුව ප්‍රධාන කාර්ය සාධන දර්ශක සාක්ෂාත් කර ගනිමින් ආයතනයේ සේවාවන් සිදුකිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
පර්යේෂණ මූල්‍ය ප්‍රදානයන් ලබාදෙන ආයතන කිහිපයක්ම ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා එක් එක් ආයතනයන් හරහා මුදල් ලබා දීම නිසා එකම ආකාරයේ පර්යේෂණ නැවත නැවත සිදු විය හැකි බව පෙන්වා දුන්නේය. එබැවින් මෙම අනු පිටපත්වීම වළක්වා ගැනීමට එකම තැනකින් පර්යේෂණ මූල්‍ය ප්‍රදානයන් ලබා දීම මෙන්ම එකම තැනකින් ඒවා නිරීක්ෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එම පර්යේෂණ හරහා රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්නත් නිරීක්ෂණය කළ යුතුයි. ජනතාවගේ මුදල් නිවැරදිව යෙදවීමට රජයට මෙන්ම ආයතනවලටත් ඇති බව අවධාරණය කරමින් ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

