Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තෙල්ගේ අශෝක පීරිස් මහතා සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කර තිබේ.

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ පවතින ගැටලු වලට විසදුම් ලබා දීම රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාගැනීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බළතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

Exit mobile version