Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙට්‍රො බස් නීති විරෝධීයි, පුළුවන් නම් දෛනික ආදායම ප්‍රසිද්ධ කරන්න – ගැමුණු විජේරත්න

මෙරටට අලුතින් ආනයනය කර ඇති “මෙට්‍රො” බස් රථ කිසිදු නීතිමය පදනමකින් තොරව අනීතික ලෙස ධාවනය වෙමින් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මෙම බස් රථවල මගීන් හිටගෙන ප්‍රවාහනය කිරීමට පවා අවසර දී ඇති අතර, එම බස් රථ සඳහා කිසිදු පොදු නීතියක් ක්‍රියාත්මක නොවන බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ තමන් ලබාගත් නිල දත්ත ඇසුරින් කරුණු අනාවරණය කරමින් ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, මෙය වෙනම පෞද්ගලික සමාගමක් නොවන බවයි.

අදාළ බස් රථ ධාවනයෙන් උපයන දෛනික ආදායම කොපමණදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස බලධාරීන්ට අභියෝග කරන බව පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳව ඉදිරියේදී ලිඛිතව විමසීමක් කිරීමට තම සංගමය කටයුතු කරන බවද සඳහන් කළා.

මෙම බස් රථවල පවතින තාක්ෂණික ගැටලු පෙන්වා දෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, පෞද්ගලික බස් කර්මාන්තය තුළ කිසිවිටෙකත් ස්වයංක්‍රීය ගියර් පද්ධති සහිත (Auto Gear) බස් රථ භාවිත නොකරන බවයි.

එවැනි බස් රථවල ඩීසල් වැයවීම අධික බැවින්, දැනට ආනයනය කර ඇති මෙම ඔටෝ බස් රථ හරහා විශාල වැයවීමක් සිදුවන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“ඒ මදිවට මෙට්‍රො බස් වගයක් ගෙනල්ලා නීති විරෝධීව ධාවනය කරනවා මෙට්‍රො බස්. එතකොට මෙට්‍රො බස්වලට නීතියක් නෑ. බස් එකේ හිටගෙන යනවා. එතකොට අපි අභියෝග කරනවා පුලුවන් නම් මේ අභියෝගය බාරගන්න. දිනකට බස් එකක ආදායම ප්‍රසිද්ධියෙ කියන්න. අපි ලිඛිත දැනුම්දීමක් කරනවා මේකෙන් කොච්චර දෙනික ආදායමක් තියෙනවද කියලා. මෙට්‍රො කියන්නේ වෙනත් එකක් නෙවෙයි. මේක සත්‍ය වශයෙන්ම මා ගාව තොරතුරු දැන ගැනීමේ පනත මත ගෙනල්ලා තියෙනවා. මේක මහා භාණ්ඩාගාරයේ 60%යි ලංගම 40%යි.

බොරුවට මෙට්‍රො සමාගමක් කියලා හදලා, ලංගමම තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. අපේ කිසිදු බස් එකක් අපි ස්වයංක්‍රීය ගියර් පද්ධති තුයෙබ බස් අපි ගෙනල්ලා නෑ. නොකද ඒවගේ ඩීසල් පිච්චෙනවා වැඩී. දැන් මේගොල්ලෝ මේ ආනයනය කරලා තියෙන්නේ ඔටෝ බස්.”

Exit mobile version