Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප වේ

බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප වේ

බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප වේ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවක් නැවත කැඳවීමට කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට පසුගිය මැයි 22 වැනිදා ඔහු පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබුණි.

බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු ඊයේ (19) දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එදින බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඊයේ දින මෝසමක් ⁣ගොනු කරමින් නීතිඥවරුන් ඉල්ලා ඇත්තේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන වරෙන්තු නැවත කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මග හරිමින් සිටින බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී ඒ ආකාරයට ⁣වරෙන්තුව නැවත කැඳවීමට නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක විසින් බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

Exit mobile version