Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 3 දෙනෙකුට අධිචෝදනා

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 3කට අධිචෝදනා

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 3කට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී අද (19) අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනුයි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන්කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති බව මෙම අධිචෝදනා පත්‍රයේ සඳහන්.

සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කර තිබේ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000 ක වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබේ.

Exit mobile version