Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙ­රිකා-ඉරාන අව­සන් ගිවි­සු­මෙන් පසු ඉරා­නයේ සංව­ර්ධ­න­යට ඩො.බි 300ක ආයෝ­ජ­න­යක්

අමෙ­රිකා-ඉරාන අව­සන් ගිවි­සු­මෙන් පසු ඉරා­නයේ සංව­ර්ධ­න­යට ඩො.බි 300ක ආයෝ­ජ­න­යක්

අමෙ­රිකා-ඉරාන අව­සන් ගිවි­සු­මෙන් පසු ඉරා­නයේ සංව­ර්ධ­න­යට ඩො.බි 300ක ආයෝ­ජ­න­යක්

අමෙ­රිකා-ඉරාන රාමු­ගත ගිවි­සුම යටතේ ඉරා­නය තුළ ආයෝ­ජන දිරි­ගැ­න්වීම සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 300ක පෞද්ග­ලික අර­මු­ද­ලක් සැල­සුම් කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

එම දැවැන්ත මුද­ලින් අඩ­කට වඩා දැන­ට­මත් වෙන් කර ඇතැයිද වාර්තා වේ. යුද්ධය සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් කිරීම සඳහා අව­සන් එක­ඟ­තා­ව­කට පැමි­ණී­මට දෙපා­ර්ශ්ව­යම දිරි­ගැ­න්වී­මක් ලෙස මේ අර­මු­දල සැල­සුම් කර ඇති අතර, එම මුදල මුළු­ම­නින්ම පෞද්ග­ලික අංශයේ අර­මු­ද­ලින් සම­න්විත බවට තොර­තුරු වාර්තා වී ඇතැයි රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය. මේ අර­මු­දල කිසිදු රටක රජ­යක් සම්බන්ධ නොවන පෞද්ග­ලික ආයෝ­ජන ක්‍රම­වේ­ද­යක් පම­ණක් බවත්, ඉරා­නයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හෝ යුද හානි වන්දි ගෙවීමේ වැඩ­ස­ට­හ­නක් හෝ නොවන බවද වාර්තා වේ.

අමෙ­රි­කාව, ගල්ෆ් රට­වල්, ආසි­යාව, දකුණු අමෙ­රි­කාව සහ අප්‍රි­කාව කේන්ද්‍ර කර­ගත් ප්‍රබල සමා­ගම් රැසක් මේ අර­මු­ද­ලට මූල්‍ය දාය­ක­ත්වය ලබා­දී­මට එකඟ වී ඇති අතර, එම අර­මු­දල මඟින් ඉරා­නයේ ආයෝ­ජන බල­ශක්ති, සැප­යුම් දාම, නිෂ්පා­දන සහ ප්‍රවා­හන ක්ෂේත්‍ර සංව­ර්ධ­නය කිරි­මට යොද­වනු ඇතැයි වාර්තා වේ.

ප්‍රති­සං­ස්ක­රණ හා සංව­ර්ධන අර­මු­දල ලෙස නම් කිරි­මට නිය­මිත මේ අර­මු­දල පිහි­ටු­වීම හෝ ක්‍රියා­ත්මක කිරීම අමෙ­රි­කාව සහ ඉරා­නය අතර අව­සන් ගිවි­සු­ම­කට එළැ­ඹෙන තුරු සිදු­නො­වනු ඇතැයිද රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය. දෙපා­ර්ශ්වය අතර අත්සන් තැබී­මට නිය­මිත දින 60ක අව­බෝ­ධතා ගිවි­සුම් කාලය අත­ර­තුර අදාළ ව්‍යාපෘති සැල­සුම් කිරිම සහ එහි විෂය පථය තීර­ණය කිරී­මට නිය­මිත බවද වාර්තා වේ.

Exit mobile version