Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් ළමුන්ගේ සෞඛ්‍යය පිලිබඳ විශේෂ අනාවරණයක්

පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්

පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්

වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 12ක් අධි බරැති තත්ත්වයෙන් පසුවන බව සහ සියයට 3ක් ස්ථුලතාවයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සදහන් කළේ මෙරට ජනගහන වර්ධනයද අඩු වී ඇති පසුබිමක පාසල් ළමුන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය,

“2024 ගොලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණ සම්බන්ධයෙන් දත්ත රැස්කරාම අවුරුදු 13ත් 17ත් අතර දරුවන් තමයි මේ පරීක්ෂණයට භාජනය වුණේ. ‍ ඒ දරුවන්ගේ 12%ක් අධි බරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව අනාවරණය වෙලා තියෙනවා.මේ දරුවන්ගේ කෑම රටාව පිළිබඳවත් මේ සමීක්ෂණයේදී අධ්‍යනය කෙරුණා. පාසල් දරුවන්ගෙන් 17.04%ක් දෛනිකව කාබනීකෘත පානවල් පානයට හුරු වෙලා තියෙනවා. 28.05%ක් අධික ලුණු සහිත කෑමද ,29%ක් දරුවන් අධික තෙල් සහිත ආහාරද, 41ක් දරුවන් අධික සීනි සහිත ආහාරද දෛනිකව එක පාරක් හෝ ඊට වැඩි වාර ගණනක් භාවිතයට හුරු වෙලා තියෙනවා. දැන් තියෙන දත්ත අනුව අපේ ජනගහන වේගය ඉතා අඩු මට්ටමක දැන් තියෙන්නේ.1.9ක තිබ්බ ජනගහන වර්ධන වේගය 1.3 දක්වා පහල බැහැලා තියෙනවා”

Exit mobile version