Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජුනි 30ට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් දඩ

ජුනි 30ට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් දඩ

ජුනි 30ට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු දෙනා සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30 වනදාට පෙර මධ්‍ය ගත ඉලොට්‍රොනික් පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අදාළ වර්ෂයේ ජුනි මස 30 දිනට එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර එය ප්‍රමාදවීම දඩයකට හා අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මේ බව ඊයෙ (15) සඳහන් කලේය.

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් යොමු කළ යුතු වනවා.
මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 වසරේ මාර්තු මස 31 වෙනිදා එළිදක්වා ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කලේය.

2023 දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නව නිලධාරින් පිරිසක් ඇතුළත්ව සිටින බවද රංග දිසානායක මහතා සඳහන් කළ අතර මෙම ප්‍රකාශ ලබාගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයක් හෝ වගකීමක් නොවන බවත් මෙය පුරවැසි වගකීමක් බවත් ඔහු අවධාරණය කරයි.

ඒ අනුව රේගු ආඥා පනතේ 115 වගන්තිය අනුව බලපත්‍රලාභී අනු නියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන් වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පිරිසක් ලෙස සලකනු ලබන අතර වෘත්තීය සමිතිවල විධායක නිලධාරින්, පුවත්පත් ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත් ආයතනවල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ක්‍රීඩා පනත අනුව පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන් එමෙන්ම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණි නිලධරයන් මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතින බව රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Exit mobile version