Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ නියෝග හෑල්ලු කරමින් රාජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අධිකරණ නියෝග හෑල්ලු කරමින් රාජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අධිකරණ නියෝග හෑල්ලු කරමින් රාජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරියට අධිකරණ ක්‍රියාමාර්ග ගියද ඉන් ඵලක් නොවන බවත්, මේවා තීන්දු වෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් නොව මහජන මතයෙන් පමණක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එතුමා හෙට දිනයේදී ප්‍රථම වතාවට රැස්වීමකට සහභාගි වීමට නියමිත බවත්, එසේ නොමැතිව පාර්ලිමේන්තු ගිය පමණින්ම එතුමාගෙන් ඇති පලක් නොවන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ගොස් කතා පැවැත්වූවා හෝ විග්‍රහයන් සිදු කළා හෝ කියා රටේ පවතින ගැටලු විසඳෙන්නේ නොමැති බව ඔහු කියා සිටියා.

එම ප්‍රශ්න විසඳීමට නම් එතුමාට රට භාර දී, රට ගොඩනැගීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බව රාජිත සේනාරත්න මහතා අවධාරණය කළා.

එමෙන්ම පවතින ගැටලු විසඳීම පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මෙම ගැටලු විසඳීමට නම් නිවැරදිව රට පාලනය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගතහොත් රට අවසන් වන බව පවසන රාජිත සේනාරත්න මහතා, දේශපාලන භූමිය තුළ එතුමා එය ඔප්පු කර පෙන්වා ඇති බවත්, එතුමා සිදු කළ එම සුවිශේෂී කාර්යභාරය මේ වන විට මුළු ලෝකයම පවා පිළිගෙන ඇති බවත් පෙන්වාදෙනවා.

ඉදිරියේදී මැතිවරණයකට පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඉදිරිපත් වන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, එතුමාට නැවත අලුතින් මැතිවරණ සිදු කිරීමට නොහැකි බවත්, එතුමා ජනාධිපතිවරයෙකු බැවින් එම ජනාධිපති ධුරයට එතුමා තරඟ කරනු ඇති බවයි.

කෙසේවෙතත් රට එලෙස කිරීමට අධිකරණ ක්‍රියාමාර්ගයක්ද ඉදිරියට යන බව මාධ්‍යවේදියා පෙන්වා දුන් අවස්ථාවේදී “ඒවා ඉතින්, ඒවා ඉදිරියට ගියාට වැඩක් වෙන්නේ නැහැ. මේවා අධිකරණ ක්‍රියාමාර්ගවලින් නෙවෙයි, මහජන මතයෙන් තමයි තීන්දු වෙන්නේ” යනුවෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

Exit mobile version