Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලා­දේ­ශයේ රෝහින්ග්‍යා සර­ණා­ගත කඳ­වු­රු­වල ප්‍රචණ්ඩ ක්‍රියා

බංග්ලා­දේ­ශයේ රෝහින්ග්‍යා සර­ණා­ගත කඳ­වු­රු­වල ප්‍රචණ්ඩ ක්‍රියා

බංග්ලා­දේ­ශයේ රෝහින්ග්‍යා සර­ණා­ගත කඳ­වු­රු­වල ප්‍රචණ්ඩ ක්‍රියා

බංග්ලා­දේ­ශයේ රෝහින්ග්‍යා සර­ණා­ගත කඳ­වු­රු­වල මානු­ෂික අව­දා­නම සහ සන්නද්ධ කණ්ඩා­ය­ම්වල ප්‍රච­ණ්ඩ­ත්වය වර්ධ­නය වෙමින් පව­තින බව වාර්තා වේ.

විශේ­ෂ­යෙන් මිය­න්මා­ර­යෙන් පලා ආ රෝහින්ග්‍යා සර­ණා­ග­ත­යන් ලක්ෂ 11ක් පදිංචි වි සිටින ලොව විශා­ල­තම සර­ණා­ගත කඳ­වුර ලෙස සැල­කෙන කොක්ස් බසාර් හි නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­කම් වෙත හුරු­වන රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩා­යම් අතර පව­තින ගැටුම් හේතු­වෙන් තව­දු­ර­ටත් හුදෙ­කලා අප­රාධ, බල­පෑම් ඉහළ යමින් පව­තින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය­න්මා­රයේ අර­කන් දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ගත් අර­කන් රෝහින්ග්‍යා හමු­දාව සහ අර­කන් රෝහින්ග්‍යා සංවි­ධා­නය අතර ආග­මික ගැටුම් වර්ධ­නය වීමෙන් වෙඩි තැබීම් සහ පහරදීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී තිබේ.

එරට ගැටුම් කළ­ම­නා­ක­රණ ආය­ත­නය විසින් රැස් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව මේ වසරේ මැයි මස 24 වැනිදා දක්වා රෝහින්ග්‍යා සර­ණ­ගත කඳ­වුරු කේන්ද්‍ර කර­මින් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් පුද්ග­ල­යන් සිවු­දෙ­නකු ජිවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි වාර්තා වේ. මීට පෙර 2025 වසර ඇතු­ළත එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් රෝහින්ග්‍යා සර­ණා­ග­ත­යන් 37 දෙනකු ඝාත­න­යට ලක් වී ඇති අතර, 2024 වස­රේදී එම සංඛ්‍යාව 42ක් වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Exit mobile version