Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට පුරා ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300ක්

රට පුරා ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300ක්

රට පුරා ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300ක්

මෙරට ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300කට වැඩි ප්‍රමාණයක් ඇතැයි තහවුරුව තිබෙන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා පැවසීය.

මේ වන විට මෙරට වැඩිහිටි නිවාස 456ක් පවත්වාගෙන යන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් තහවුරු කරගෙන ඇත. ඒ අතරින් ලියාපදිංචි කර නිසි මාර්ගෝපදේශ අනුගමනය කරන වැඩිහිටි නිවාස ගණන 148කි.

මෙතෙක් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස ලියාපදිංචි කර මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යන ලෙස ඒවායේ හිමිකරුවන්ට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කර නැත.

මේ නිසා එම වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබාදීමටත්, එම කාලසීමාව ඇතුළත ලියාපදිංචි නොකරන නිවාස සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව වැඩිහිටි නිවාස ලියාපදිංචිය සඳහා දෙන කාලසීමාව තීරණය කර මෙතෙක් ලියාපදිංචි නොකළ සියලුම වැඩිහිටි නිවාසවලට ඒ බව ලිඛිතව දැනුම්දීමට පියවර ගන්නා බවත් වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා වැඩිදුරටත් පැවසීය.

– dinamina

Exit mobile version