Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 44ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 44ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 44ක් නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය මැයි මස 16 වෙනිදා සිට 31 වෙනිදා දක්වා කාලසීමාව තුළ නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ නිරත වූ පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

එහිදී ඩිංගි යාත්‍රා අටක්, කැනොයි යාත්‍රා දෙකක් සහ ට්‍රැක්ටර් රථ හතක් සිය භාරයට ගත් බව එම හමුදාව සඳහන් කළේය.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රිකුණාමලය පනිචන්කේනි, සෝබා දූපත, ‍පොල්මල්කුඩා, කින්නියා, සූඩයිකුඩා, ඔට්ටමාවඩි, අලම්පිල්, පුඩුවකට්ටු සහ යාපනය චුන්ඩිකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟිනි.

සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, කොඩ්බේ, මුතූර්, වාලච්චේනයි, කුච්චවේලි, මුලතිව්, යාපනය යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version